Wednesday, May 15, 2024

General line - 0115112241

ප්ලාස්ටික් සහල් කියා බුකියේ බොරු ප්‍රචාර කළ අය ගැන CIDයට පැමිණිල්ලක්




ප්ලාස්ටික් සහල් වෙළඳපලේ ඇති බවට සමාජ ජාල වෙබ් අඩවිවලින් අසත්‍ය ප‍්‍රචාර ගෙන ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව සතොස සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් පවසනවා. ලබන සදුදා ඒ සම්බන්ධයෙන් සියලූ තොරතුරු ලබා දෙන බවයි කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ. 


ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රචාර පලවීමත් සමග එය සතොස ආදායමට ද බලපෑ බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.