Wednesday, May 15, 2024

General line - 0115112241

කටාර්හි හදිසි තත්ත්වයක් ඇති වුණොත් ලාංකිකයින්ට එන්න තාවකාලික ගමන් බලපත්‍ර




කටාර් රාජ්‍යයේ කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එරට සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා තාවකාලික ගමන් බලපත‍්‍රයක් ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇති බව එරට ශ‍්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ පවසනවා.

නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ තානාපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකිකයින් දැනුවත් කළ බවයි.