Tuesday, May 14, 2024

General line - 0115112241

 ත්‍රීරෝද  රථ ගාස්තුව රුපියල් දහයකින් ඉහළට !




ලබන මස 10 වනදා සිට ත්‍රීරෝද  රථ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද  රථ සංගමය පවසනවා. 

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මේ පිළිබඳ කරුණු හෙළි කළා.