Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපති අයි ඩී එච් රෝහලට 




මුල්ලේරියාව අයි ඩී එච් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එක්වුනා. 

ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් සිටින මෙහි අඩුපාඩු සොයා බැලු ජනාධිපතිවරයා ඒවා කඩිනමින් සම්පූර්ණ කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

ඩෙංගු රෝගීන්ගෙන් මෙම රෝහල පිරීයාම නිසා ඇති වූ තදබදය හේතුවෙන් රෝගීන් ඇතුළත් කිරීම ඉකුත්දා තාවකාලිකව නතර කෙරුණු අතර වැඩි රෝගින් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල් වෙත යොමු කිරීමටයි පියවර ගැණුනේ. 

කෙසේවෙතත් අයි ඩී එච් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි දැන් සිදුවනවා. 

අදාළ රෝහල් වෙත යොමු කෙරුණු රෝගීන්ට අවශ්‍ය සියලූ විශේෂඥ වෛද්‍ය පහසුකම් නොඅඩුව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදී තිඛෙනවා. 

ජනාධිපතිවරයා මෙම  චාරිකාවේදී අයි ඩී එච් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක්ද විමසූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රෝහල් අධ්‍යක‍ෂිකා දිමුතු රත්නායකද එක්ව සිටියා.