Tuesday, May 7, 2024

General line - 0115112241

පෞද්ගලික රෝහල්වල  පරීක්ෂණ ගාස්තු අඩු කිරීමේ සුදානමක් 




පෞද්ගලික රෝහල්වල  පරීක්ෂණ ගාස්තු ඇතුළු සියලුම අයකිරීම් ඉදිරි කාලයේදී නියාමනය කරන බව සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේබව කියා සිටියා.

ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණයක ගාස්තුව රු.800-900ක් පමණ වන බවත්, එම ගාස්තුව රු.250ක් පමණ දක්වා අඩුකළ හැකි බවත්, ඩෙංගු රෝගය පරීක්ෂා කිරීම සඳහා සිදුකරන ඇන්ටිජෙන් පරීක්ෂණය රු.4000 ක් පමණ වන අවස්ථා වාර්තා වන බවත්, එය උපරිමය රු.1000ක්  කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව  රෝහල් බලධාරීන් සමග සාකච්ඡා කොට ලබන සඳුදා වන විට ඒ සඳහා ක්‍රියා මාර්ග ගන්නා බවයි  ඔහු අවධාරණය කළේ.