Monday, May 6, 2024

General line - 0115112241

"විග්නේෂ්වරන්ව ඉවත් කළ යුත්තේ ඕකට නෙමෙයි"




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා හෝ දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් ආරක්‍ෂා කිරීමට තමන් කිසිසේත් සම්බන්ධ නොවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සඳහන් කළේ මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තම පක්‍ෂයේ සාමාජික උතුරු පළාත් සභා මන්තී‍්‍ර ධර්මපාල සෙනෙවිරත්න විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකළ බවයි.

ඒ සම්බන්ධයෙන්  කළ විමසීමකදි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මෙලෙස අදහස් දැක්වුවා.

"යම් යම් චෝදනා තියෙන ඇමතිවරුන් ඉවත් කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි අපි විශ්වාස කරන්නේ විග්නේෂ්වරන්ව ඉවත් කළ යුත්තේ ඔය කියන කාරණාව මත නෙමෙයි. මීට පෙර උතුරු පළාත් සභාව මගින් මේ රටේ සාමයට, ඒකීයභාවයට සහ ස්වාධීනත්වයට හානි වෙන ආකාරයේ යෝජනා සම්මත කළා. ඒ වෙලාවේ මන්තී‍්‍ර ධර්මපාල සෙනෙවිරත්න විතරයි ඊට විරුද්ධව හිටියේ."

උතුරු පළාත් සභා අමාත්‍යවරුන්ගේ වංචා, දූෂණ සෙවීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට හා කෘෂිකර්ම අමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ප‍්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබුණා.

එමෙන්ම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ධීවර අමාත්‍යවරයාට මසක කාලයක් නිවාඩු ලබා ගන්නා ලෙසටයි ප‍්‍රධාන අමාත්‍යවරයා උපදෙස් දී තිබුණේ.