Saturday, May 11, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්




බුදු දහමට දී තිඛෙන ප්‍රමුඛතාව නව ව්‍යවස්ථාවක ද ඒ ආකාරයෙන්ම පවතින බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. 

ඒ පිළිබඳ බෞද්ධයින් කිසිදු සැකයක් ඇති කර ගත යුතු නොමැති බව ඔහු සඳහන් කළා. 

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන්නේ නම් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියා. 

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ ඛෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. 

ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් කිසිවක් සිදු කිරීමට උනන්දු නොවන බව මන්ත්‍රීවරයා සඳහන් කළා.