Tuesday, May 14, 2024

General line - 0115112241

තැපැල් සේවය රෑ සිට නෑ 




තැපැල් වෘත්තීය සමිති අද (26) මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළා.
 
ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදු කරන බවයි එහි සම කැඳවුම්කරු එච්.කේ.කාරියවසම් සඳහන් කළේ.

සිය ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.