Friday, September 20, 2024

General line - 0115112241

නෙත් එෆ්.එම් කඨින පිංකමේ ‘වැසි සළු’ පූජා කෙරේ




නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන කඨින මහා පිංකමේ වැසි සළු පූජාව, රැස්ව සිටි දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මැද අද (19) පස්වරුවේ සිදු කෙරුණා. පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම කටයුත්ත සිදු වුණා.

ඒ ගම්පහ මිරිස්වත්ත ශ‍්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදීයි. කඨින පූජාවේ පළමු පියවර වන්නේ වස් විසීමට ආරාධනා කරමින් භික්ෂූන් වහන්සේට වැසි සළු පූජා කිරීමයි.

ඒ අනුව හෙට (20) උදෑසන වස් සමාදන් වීමේ කටයුතු සිදු කෙරෙණු ඇති.

 


නෙත් එෆ්.එම් කඨින පිංකමට දායකවීමට සැමට අවස්ථාව

(Jul 19, 2016 @ 13:15)

නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන කඨින මහා පිංකමේ ‘වැසි සළු පූජාව’ අද (19) පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, ගම්පහ මිරිස්වත්ත ශ‍්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදීයි.

මෙම පිංකම, නෙත් එෆ්.එම් හී සභාපති නිහාල් සෙනෙවිරත්න ඈපා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා. නෙත් එෆ්.එම් ශ්‍රාවකයින්, ශ‍්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ දායක දායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා.

කඨින පුණ්‍ය උත්සවයක් තනිව සංවිධානය කළ නොහැකි දායක දායිකාවන්ට මෙම පිංකමට දායක වීමේ හැකියාව පවතිනවා.


 

නෙත් එෆ්.එම් කඨින පිංකම වැසිසළු පූජාවෙන් අද ඇරඹේ

(Jul 19, 2016 @ 06:05)

මාධ්‍ය ආයතනයකින් සිදු කරන එකම කඨින පූජාව අද (19) ආරම්භ වනවා.

නෙත් එෆ්.එම් රේඩියෝව විසින් සිදු කරන මෙම පිංකම මෙවර සංවිධාන වන්නේ තුන්වනවරටයි.

ගම්පහ මිරිස්වත්ත ශ‍්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේදී මෙම පිංකම සිදු කෙරෙනවා.

කඨින පූජාවේ පළමු පියවර වන්නේ වස් විසීමට ආරාධනා කරමින් භික්ෂූන් වහන්සේට වැසි සළු පූජා කිරීමයි.

පූජ්‍ය කැටවල හේමාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම කටයුත්ත අද (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.