Friday, May 17, 2024

General line - 0115112241

කොටියෙකු මැරූ තරුණයෙකු පේරාදෙණියේ දී අත්අඩංගුවට




ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සත්වයෙකු වන කොටියෙකු මැරූ බවට වයස අවුරුදු විසි දෙකක තරුණයෙකු පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. 

පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී වියළන ලද දිගින් මීටර් දෙකයි සෙන්ටිමීටර් හතරක් සහ පළලින් සෙන්ටි මීටර් 55ක් වූ කොටි සමක් ද සොයාගත් බවයි. 

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.