Friday, May 17, 2024

General line - 0115112241

කිලිනොච්චියේ වෙළඳසැලක් ගින්නකින් විනාශ වෙයි (PHOTOS)




කිලිනොච්චිය - මුලංකාවිල් - නාච්චිකුඩා මංසන්ධිය ප්‍රදේශයේ වෙළඳසැලක් ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී තිඛෙනවා. 

ගින්න පැයක පමණ කාලයක් පැතිර තිබූ අතර පැවති සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීම අසීරු වූ බවයි පොලිසිය පැවසුවේ. 

භාණ්ඩ මෙන්ම වෙළඳසැලේ තිබූ මුදල් ද ගින්නෙන් විනාශ වී තිබෙනවා. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. 

වැඩිදුර පරීක්ෂණ මුලංකාවිල පොලිසිය මගින් ක්‍රියාත්මකයි.