Friday, May 17, 2024

General line - 0115112241

"ඉස්ලාම් අන්තවාදය නිසා මුස්ලිම් විරෝධයක්..ශ්‍රී ලාංකිකයන් ලෙස පෙනී සිටිමු" - ඇමති කබීර් තත්ත්වය පහදයි 




ඉස්ලාම් ආගම වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන අන්තවාදීන් විසින් කරන ක්‍රියා නිසා මේ වන විට ලෝකය පුරා මුස්ලිම් ජනතාවට විරෝධයක් ඇති වී ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කිරීම මුස්ලිම් ජනතාවගේ යුතුකමක් බව ඔහු පෙන්වා දෙනවා.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාමසාන් උපවාසය අවසන් කිරීම වෙනුවෙන්,ශ්‍රී ලංකා මුස්ලිම් ලීගය මහර බන්ධනාගාරයේ මුස්ලිම් රැදවියන් වෙනුවෙන් ලබා දුන් දිවා භෝජන සංග්‍රහය සහ ආගමික වතාවත්වලට සහභාගි වෙමින්.


තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා බන්ධනාගාර නේවාසිකයන් පුනරුත්ථාපනයෙන් පසුව යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීමේ දී යම් යම් ගැටළුකාරී තත්ත්වයන් පැනි නැඟී තිබෙන බව පැහැදිළි කර සිටියා.

මේ පිළිබඳව රජයේ අවධානය යොමු කොට දීර්ඝ දඩුවම්වලට යටත් සිරකරුවන්ට නෛතිකව සමාව ලබා සමාජ ගතවීමට ඇති අවස්ථාවන් සකස් කිරීම සඳහා රජයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළා.