Friday, September 20, 2024

General line - 0115112241

අරණායකදී ධාතු වන්දනාව ඇරඹෙයි




නෙත් එෆ්.එම්. රේඩියෝවේ ශ්වේත පූජා පෝදා වැඩසටහනට සමගාමීව අරණායක රහල බටහිර ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථාන භූමියේදී ශ‍්‍රී සර්වඥ ධාතු වන්දනාව ද දහවල් සම්බුද්ධ පූජාවෙන් පසුව ආරම්භ වුණා.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කරන ලද සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාමාන කරගැනීම සඳහා මේ වන විටද බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.


අරණායකදී “ශ්වේත පූජා“ සමග ධාතු වන්දනාවත්

(Jul 19, 2016 @ 13:00)

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ශ්වේත පූජා පොහොය දින වැඩසටහන අද (19) සිදුකෙරෙන්නේ අරණායක රහල බටහිර ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදීයි. අලුයම උවැසි උවැසියන් අෂ්ඨාංග සීලය සමාදන් කරවීමෙන් මෙම වැඩසටහන ආරම්භ වුණා.

මෙහිදී අද දිනයේදී ශ‍්‍රී සර්වඥ ධාතු වන්දනාව ද ආරම්භ කිරීමට නියමිතයි. සැදැහැවතුන්ගේ වන්දනාව සඳහා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ශ‍්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අරණායක රහල බටහිර ශ‍්‍රී බෝධිරුක්ඛාරාමය වෙත වැඩම කෙරෙනවා.

අද අලුයම සිට සැදැහැවතුන් මෙම පිංකමට සහභාගි වී සිටින්නේ බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුතුවයි.


 

නෙත් එෆ්.එම් “ශ්වේත පූජා“ අරණායකදී…

(Jul 19, 2016 @ 05:59)

නෙත් එෆ්.එම්. රේඩියෝවේ පොහොය දින වැඩසටහන වන “ශ්වේත පූජා“ අද පැවැත්වෙන්නේ අරණායක රහල බටහිර ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදීයි. මීට මාස දෙකකට පමණ පෙර අරණායක සාමසර කන්ද නායයාමෙන් විපතට පත්වූවන්ට කායික සහ මානසික සුවය ප‍්‍රාර්ථනා කිරීමත්, මියගිය අයට පිං පැමිණවීමත් මෙහි ප‍්‍රධාන අපේක්ෂාවන් වනවා.

අද සිට දින 3ක් පුරා අරණායක රහල බටහිර ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී තවත් පිංකම් කිහිපයක් ද සංවිධාන කෙරෙනවා.

නෙත් එෆ්.එම්. ශ්වේත පූජා වැඩසටහනේ මෙම සියලූ පිංකම් අද අලූයම උවැසි උවැසියන් අෂ්ඨාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ වුණා.