Friday, September 20, 2024

General line - 0115112241

ලංගමය ඩිපෝ අඩු කරයි! ගණන් වැඩි කරයි!




පෞද්ගලික බස් සේවයට සමගාමීව ශ‍්‍රී ලංගම බස් ගාස්තුව ද ලබන මස පළමුවෙනිදා සිට 6%න් වැඩි කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් මහනුවරදී කළ ප‍්‍රශ්න කිරීමකදීයි.

ශ‍්‍රී ලංගමට අයත් ඩිපෝ ගණන 104 සිට 50ක් දක්වා අඩු කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ශ‍්‍රී ලංගම ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

ශ‍්‍රී ලංගම පෞද්ගලික සමාගමකට පවරා දීමට සූදානමක් ඇතැයි පැතිර යන රාවය කිසිසේත් සත්‍යයක් නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.