Saturday, July 27, 2024

General line - 0115112241

ඹරවානේ දී බසයක ගැටුණු යතුරුපැදිරු මරුට - කාන්තාවක් රෝහලේ




 අද (16) උදෑසන 9.10ට පමණ දෙහිඅත්තකණ්ඩිය බඹරවාන හන්දිය අසලදී මහනුවර දෙසට ධාවනයවූ පුද්ගලික බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. 

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවා සහ යතුරුපැදියේ පසුපස ගමන් ගත් කාන්තාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරුවා අද උදෑසන 11.15ට පමණ මියගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 වූ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි ධම්මික කුමාර නම්  තරුණයෙකි. 

යතුරුපැදියේ පසුපස ගමන් ගත් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.