Monday, September 23, 2024

General line - 0115112241

උසස් පෙළ ටියුෂන් මාසයක් තහනම්!




උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ උපකාරක පංති සංවිධාන කිරීම සහ පංති මෙහෙයවීම තහනම් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාති‍්‍රයේ සිට සැප්තැම්බර් 2 වනදා දක්වා මෙම තහනම පැනවෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

විෂයානුබද්ධ දේශණ, සම්මන්ත‍්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාගය සදහා අනුමාන ප‍්‍රශ්න ඇතුළත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරිමද තහනම් කර තිබෙනවා. 

උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍රවල ප‍්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප‍්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පති‍්‍රකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කිරීමද මෙම කාලසීමාවේදී තහනම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

යම් අයෙකු හෝ ආයතනයක් සහ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසලකා කි‍්‍රයා කළහොත් ඊට එරෙහිව  නීතිය කි‍්‍රයාත්මක කරන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.