Monday, September 23, 2024

General line - 0115112241

ව්‍යාජ අංක තහඩු චෝදනාවට ඇමතිට නඩු!




එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරට එරෙහිව අද මෝටර් රථ ප‍්‍රවාහන පනත යටතේ සංශෝධිත චෝදනා පත‍්‍රයක් ගොනු කරනු ලැබුවා. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක ඉදිරියේ මෙම සංශෝධිත චෝදනා පත‍්‍රය ගොණු කළේ බොරැල්ල පොලීසිය විසින්.

2009 වසරේ ව්‍යාජ අංක තහඩු යෙදූ සහ චැසි අංක වෙනස් කළ වාහනයක් භාවිත කිරීම ඔහුට එරෙහි චෝදනාව වනවා.