Monday, September 23, 2024

General line - 0115112241

ජාතික පොලිස් කොමිසම හදිසියේ රැස්වෙයි




ජාතික පොලිස් කොමිසමේ විශේෂ රැස්වීමක් කොළඹ දී දැන් පැවැත්වෙනවා. ඒ ඉකුත්දා අත්අඩංගුවට ගැණුනු  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ශිවයෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ප‍්‍රධාන සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගැණුනා.

මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. 

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ විසින් රාජකාරි ආවරණය කළ මධ්‍යම සහ ඌව යන පළාත් සඳහා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කර තිබෙනවා. 

මධ්‍යම පළාත සඳහා පත්කර ඇත්තේ වයඹ සහ උතුරුමැද යන පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ජගත් අබේසිරි ගුණවර්ධනයි.

ඌව පළාතේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ දැනට දකුණ සහ සබරගමු යන පළාත්වල නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ෆ‍්‍රෑන්ක් ප‍්‍රනාන්දුයි.