Monday, September 23, 2024

General line - 0115112241

හම්බන්තොට වෛද්‍යවරු වර්ජනයේ




හම්බන්තොට රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය අනුර ජයසේකර කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා අත්තනෝමතික ලෙස වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක් රෝහල්වල රැඳී සිටි සහ මූල්‍ය අක්‍රමිකතාවලට සම්බන්ධ වෛද්‍යවරුන් තමන් වෙනත් රෝහල්වලට මාරුකර යැවූ බවයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරන්නේ