Monday, September 23, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කා තර්ජනය කළ හැටි පොලිස් ස්ථානාධිපති අධිකරණයට කියයි




අංගොඩ ලොක්කා නැමති පාතාල කල්ලි සාමාජිකයා විසින් තමන්ට කළ තර්ජනය පිළිබඳ මුල්ලේරියාව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අද (20) අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ ලිඛිත වාර්තාවක් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි.

තමන්ගේ හිතවතුන් මුල්ලේරියාව අවට ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගන්නා බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන හිරිහැර නොකරන ලෙසත් අංගොඩ ලොක්කා නැමති පාතාල කල්ලි සාමාජිකයා ඉන්දියාවේ බන්ධනාගාරයක සිට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කර තිබුණා.