Monday, September 23, 2024

General line - 0115112241

යාපනය සරසවියේ සිසු විරෝධයක්




යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුන් පන්ති වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, විශ්ව විද්‍යාල පාලන අධිකාරිය විසින් සිසුන් අට දෙනෙකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කරන්නැයි බල කරමින්.

ඉකුත් 19 වැනි දා යාපනය සරසවියට පැමිණි නවක සිසු සිසුවියන් පිරිසකට නවක වදය ලබාදීම සහ පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පන්ති තහනම පනවා තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය ද විමර්ශනයක් සිදු කළ අතර එය සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම එහි දී එකඟ වූ බවයි වාර්තා වන්නේ.

තත්ත්වය එසේ තිබියදී මෙලෙස සිසුන් පිරිසකට පන්ති තහනම් පැනවීම අසාධාරණ බව සිසුන් පවසනවා.