Monday, September 23, 2024

General line - 0115112241

කොල්ලුපිටියේ පාරක් අයිනේ අයෙක් ගෙල වැලලාගෙන (PHOTO)




කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ශාන්ත අන්තොනි මාවත අසල පිහිටි කොළඹ නගර සභාවට අයත් ගොඩනැගිල්ලක ප්‍රජා ශාලාවේ පිටත ආධාරකයක පුද්ගලයෙකු ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 56ක් පමණ වන මරියා ජෝශප් මරියා ඇන්තනි නම් ජාඇල වැලිසර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් මෙලෙස ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා බිමත්ව පැමිණ මෙලෙස සියදවි නසාගෙන ඇති බවත් මෙය පවුල් ආරවුලක් මත සිදුවි ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මෙම පුද්ගලයා ඊයේ (19) රාත්‍රියේ හෝ අද (20) අලුයම් කාලයේ මෙලෙස සියදිවි හානි කර ගන්නට ඇතැයි සැක පළ කරනවා.