Tuesday, April 30, 2024

General line - 0115112241

රවීට එරෙහි විශ්වාසභංගයට දෙපැත්තෙන්ම සහය ලැබෙන ලකුණු




විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පෙන්වා දුන්නේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවී කරුණානායක අමාත්‍යවරයාට ඍජුවම චෝදනා එල්ල වී ඇති බවයි.

විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් ද ඊට සහාය ලබා දෙනු ඇතැයි විජිත හේරත් මන්ත‍්‍රීවරයා සඳහන් කළා.

පසුගිය වසරේදීද ඒකාබද්ධ විපක්ෂය විසින් රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළා.