Tuesday, April 30, 2024

General line - 0115112241

නියඟය දරුණු වෙයි




දිවයිනේ දිස්ත‍්‍රික්ක 15 කට පමණ නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, මන්නාරම සහ වව්නියාව යන දිස්ත‍්‍රික්කවලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි.

වව්නියාව, කිළිනොච්චිය සහ මුලතිව් යන  දිස්ත‍්‍රික්කවලටද නියඟයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

ඇතැම් දිස්ත‍්‍රික්කවල ජනතාවට පානීය ජලය ලබා දීමේදී ගැටලූ මතු වී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.