Tuesday, April 30, 2024

General line - 0115112241

අජිත් රෝහණ සහ රුවන් ගුණසේකර පොලිසියට ඇති අයිතිය තහවුරු කළ නඩුව




සුරාබදු ආඥා පනත යටතේ මධ්‍යසාර සහ ගෝඩා ළඟ තබා ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් නඩු කටයුතු පවත්වා ගෙන යාමට පොලිසියට අයිතිය ඇති බවට ගල්ගමුව මහේස්ත‍්‍රාත්වරයා තීන්දුවක් ලබා දී තිබෙනවා.

ඒ, ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය පවරා තිබූ නඩු කිහිපයක් සම්බන්ධයෙන් මතුවු මූලික විරෝධතාවක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

නඩුව වෙනුවෙන් පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර යන අය පෙනී සිටියා.