Tuesday, April 30, 2024

General line - 0115112241

ප‍්‍රවාහන ඇමතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්




ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට සහ ප‍්‍රවාහන කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව හෙට දිනයේ එම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. 

දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා ටෙන්ඩර් මගින් මාර්ග බලපත‍්‍ර ලබාදීම අවලංගු කිරීමෙන් වාර්ෂිකව රජයට කෝටි දෙසීයක් පාඩුවීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.