Tuesday, September 24, 2024

General line - 0115112241

කුවේටයේදී වදහිංසාවට ලක්වූ කාන්තාවන් පිරිසක් දිවයිනට




කුවේටයේදී විවිධ හිංසනයන්ට ලක් වූ ශී‍්‍ර ලාංකික කාන්තාවන් විසිහය දෙනෙකු අද (31) දිවයිනට පැමිණියා. 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටට රැගෙනවිත් තිබෙනවා. 

එම කාන්තාවන් වව්නියාව, යාපනය, ති‍්‍රකුණාමලය සහ මහනුවර ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක පදිංචිකාරියන් වනවා. 

කුවේටයේ තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ සහ එරට කඳවුරුවල ශී‍්‍ර ලාංකික කාන්තාවන් 121 දෙනෙකු තවදුරටත් රඳවා සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.