Tuesday, September 24, 2024

General line - 0115112241

පොලිසියට පහරදුන් පිරිස ගැන තොරතුරු පොලිස්පති හෙළිකරයි




යාපනය, කෝපායි ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සහ ‘ආවා’ කල්ලියට සම්බන්ධ අයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. 

යාපනය පොලිස් ස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා. 

පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයන් හය දෙනෙකු මේ වනවිට හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මක බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.  

ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ති‍්‍රවිධ හමුදාව යොදවා තිබෙනවා. 

මේ අතර ඊයේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලබා දැනට යාපනය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන පොලිස් නිලධාරින් දෙදෙනාගේ සුවදුක් බැලීමටද පොලිස්පතිවරයා අද එම රෝහලට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

යාපනය කෝපායි නන්දුවිල් අම්මාන් කෝවිල අසලදි මෙම පහරදීම සිදුවුණා.