Tuesday, September 24, 2024

General line - 0115112241

සමෘද්ධි ලාභී පවුල් වල දරුවන් පිරිසකට ජපානයේ උසස් අධ්‍යාපනයට වරම් 




 සමෘද්ධි ලාභී පවුල් වල උසස් පෙළ සමත් සිසු සිසුවියන් 25 දෙනෙකුට ජපන් භාෂාව පිළිබඳ වසර 02ක ඩිප්ලෝමා පාඨමාලාවක් ජපානයේදී හැදෑරීමට වරම් හිමිව තිබෙනවා.
 
සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායකගේ උපදෙස් මත දිවයින පුරා විසිරී සිටින සමෘද්ධි ලාභී පවුල් වලින් තෝරා ගත් මෙම පිරිසට සිසුන් 09ක් හා සිසුවියන් 16ක් ඇතුලත් වනවා.
 
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂණ අරමුදල විසින් මෙම සිසුන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 18 බැගින් රුපියල් ලක්ෂ 450ක් වැය කිරීමට නියමිත බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් හපුහින්න පවසයි.
 
ජපන් භාෂාව හදාරන අතරතුර ජපානයේදී මෙම සිසුන්ට අර්ධ කාලීන රැකියා වල නිරත වීමට හැකිවන බවත්, වසර 02 අවසන් වීමෙන් පසු ජපානයේ පූර්ණ කාලීන රැකියාවල නිරත වීමට මෙම පිරිසට ඉඩ ලැබෙන  බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.