Tuesday, September 24, 2024

General line - 0115112241

සුබසාධක සංගම් සඳහා 14,000,000ක් වටිනා ටෙන්ට් සහ පුටු (PHOTOS)




කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් වටිනා ටෙන්ට් සහ ප්ලාස්ටික් පුටු සුභසාධක සංගම් සඳහා බෙදාදීමේ වැඩසටහක් හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. 

ඒ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි තිගාම්බරම්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන සින්පොන්නයියා, එස් ශ්‍රීධරන් හා දමිළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රධාන ලේකම් ලෝරන්ස් ඇතුළු රැසක් එක්ව සිටියා.