Tuesday, September 24, 2024

General line - 0115112241

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු




කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වා ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක ඇතුළු වෘත්තීය සමිති නායකයන් දහසය දෙනෙකුට අද (31) වරෙන්තු නිකුත් කෙරුණා. 

ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුවයි. 

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නියමයකට අනුව මෙම පුද්ගලයන් දහසය දෙනා මීට පෙර පොලිස් ඇපමත මුදාහැර තිබුණා. 

ඒ, අද දිනයේදී අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වමින්. 

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළා.