Tuesday, September 24, 2024

General line - 0115112241

නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිළේ රෝගී සත්කාරක සේවා අරඹයි

සමන් කුමාර




වෛද්‍ය නෙව්ල් ප්‍රනාන්දු විසින් රජයට පරිත්‍යාග කරන ලද මාළඹෙි නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල හෙට (01) දින සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පසුගිය අගහරුවාදා අමාත්‍ය මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරමින් මෙම රෝහල සඳහා පාලක මණ්ඩලයක් පිහිටුවීමට අනුමැතිය ලබාගෙන තිබෙනවා. 

එහි සභාපතිවරයා වන්නේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් හා රෝහල් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය රියර් අද්මිරාල් එන්.ඊ.ඩබි ජයසේකර පත්කර තිබෙනවා. 

මේ රෝහලෙන් හෙට (01) දින සිට ජනතාවට නොමිළේ  ප්‍රතිකාර සේවා ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

සියළුම රෝගීන්ට අවශ්‍ය ඖෂධනොමිලේ ලබාදෙන අතර, ඒ සදහා වූ ඖෂධ අද (31) පස්වරුව වන විට වෛද්‍ය සැපයුම් අංශය විසින් මාලඹෙි නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ලබාදී තිබෙනවා. 

රෝහලේ අවශ්‍යතා සඳහා රුපියල් කෝටි 20 ක මුදලක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන අතර මානව සම්පත් ගැටළු වලට කඩිනමින් ව්සදුම් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

මෙම රෝහල ඉදිරියේ දී නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමට නියමිතව තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.