Friday, September 20, 2024

General line - 0115112241

ව්‍යාජ ලිපිලේඛන සැකසූ මහ පරිමාණ ජාවාරමක් මාට්ටු




ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර ඇතුළු ව්‍යාජ ලිපිලේඛන සකස් කිරීමේ මහ පරිමාණ ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

පසුගිය මස  03 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ව්‍යාජ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ කුවේට් වීසා බලපත්‍රයක් සමග කාන්තාවක අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වුණා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී ගමන් බලපත්‍ර  28 ක් සොයාගැනීමට හැකි වූ බවයි පොලීසිය පැවසුවේ.

එම සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර 75 කට වැඩි ප්‍රමාණයක් සහ විවිධ පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම එම නිවසේ තිබී ව්‍යාජ ලියකියවිලි සකස් කිරීමට උපයෝගි කරගත් මුද්‍රණ යන්ත්‍ර  කිහිපයක්, ව්‍යාජ මුද්‍ර සහ රුපියල් ලක්ෂ 2 කට ආසන්න මුදලක් සොයාගෙන ඇති අතර ජාවාරම සිදුකිරීම සඳහා යොදාගත් මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් පොලීසිය බාරයට ගැණුනා.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී ජාවාරම මෙහෙය වු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළා.

IMG_0373 IMG_0374 IMG_0396 IMG_0398 IMG_0399 IMG_0402 IMG_0403 IMG_0404