Saturday, July 27, 2024

General line - 0115112241

"යුද්ධය ජය ගත්තේ ළමුන් සහ වැඩිහිටියන් පිරිසක් ඝාතනය කරලයි"




පසුගිය රජය ළමුන් සහ වැඩිහිටියන් ඇතුළු පිරිසක් ඝාතනය කර යුද්ධය ජයග්‍රහණය කළ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසනවා.

එහෙත් යුද්ධයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අවශ්‍ය සහන ලබානොදුන් බවයි රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ.
ඇය මෙම අදහස් පළ කළේ කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

පසුගිය පාලන සමයේ යුද්ධය ජයග්‍රහණය කළද ඉන් පීඩාවට පත්වූ ජනතාව සම්බන්ධයෙන් සොයාබැලීමක් නොකළ බවයි රාජ්‍ය අමාත්‍යවරියගේ අදහස වී ඇත්තේ.

යහපාලන ආණ්ඩුව බිහි වී ගත වු කාලය තුළ යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ ඉල්ලීම් ඉටුකිරීම වෙනුවෙන් ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත් බවද ඇය කියාසිටියා.

වර්තමාන රජය යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි සංවර්ධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවද ප්‍රකාශ කෙරුණා.