Monday, April 29, 2024

General line - 0115112241

තර්ජන මැද අමෙරිකාවේ හමුදාපති කොරියාවට බසී




උතුරු කොරියාවෙන් එල්ලවන න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනය පිළිබඳව අවධානය යොමු කිරීමට එක්සත් ජනපද හමුදාපති ජෙනරාල් ජෝසෆ් ඩන්ෆොර්ඩ් දකුණු කොරියාවට පැමිණ තිබෙනවා.

එම සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකානු හමුදාපතිවරයා චීනය සහ ජපානය බලා පිටත්ව යනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ එරට ආරක්ෂක ඇමතිවරයා හමුවී දෙරට අතර පවතින ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව එක්සත් ජනපද හමුදාපතිවරයා සාකච්ඡා කර තිබෙනවා.

ඇමරිකානු හමුදාපතිවරයා මේ වනවිටත් ඔසාන් නුවර පිහිටි හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක් නිම කර ඇති බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

දකුණු කොරියාවේ රඳවා ඇති එක්සත් ජනපද හමුදා භටයන්ගේ මුළු ගණන තිස් දහසකට ආසන්න වනවා.

එක්සත් ජනපද හමුදාපතිවරයා දකුණු කොරියාවට පැමිණීම පිළිබඳ උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.