Wednesday, September 25, 2024

General line - 0115112241

මොරගහකන්දේ මහා ජල කඳට යට වූ ගම් යළි මතුවෙන්න අරන් (PHOTOS)




මොරගහකන්ද ජලාශය හේතුවෙන් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මාන හයක ජනතාව ජලාශයේ ජලය පිරීම හේතුවෙන් පසුගිය කාලයේ වෙනත් ස්ථානවල පදිංචි කෙරුණා.

මේ වන විට මොරගහකන්ද ජලාශයේ ගබඩා කළ ජලය වගාබිම් සඳහා මුදා හැරීමත් සමග ජලාශයට යටවු ගම්මාන මේ දිනවල යළි දැකගන්නට ලැබී තිබෙනවා.

ජලාශයේ ජල මට්ටම පහල යෑමත් සමග කඹරව විහාරස්ථානය ද නැවත දැකගන්නට හැකිව තිබෙනවා.

ජලයෙන් යටවු ගම්මානවල සිදු කල සංචාරයේ දී අප වාර්තාකරුට දැකගන්නට හැකිවුයේ මොරගහකන්ද ජලාශයේ ද සැලකිය යුතු මට්ටමක ජලය පහල බැස ඇති අයුරුයි.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පි. ජී. දයානන්ද කියා සිටියේ අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ධාරිතාවෙන් මේ වන විට අක්කර අඩි පනස් දහසක් ගොවි කටයුතු සඳහා මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ සහ පරාක‍්‍රම සමුද්‍රය වෙත මුදා හැර ඇති බවයි.

කෙසේ වෙතත් මාස්කන්නයේ ඉහල ජලාධාර ප‍්‍රදේශ සඳහා ඇදහැලෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහල යන බවත් සැලසුම්කර ඇති පරිදි ජල විදුලි නිෂ්පාදනය ද ඉදිරියේ දී සිදුවීමට නියමිත බවත් පැවසුවා.