Wednesday, September 25, 2024

General line - 0115112241

ෆොන්සේකා ගෙදර සිටිද්දී  'දෙදෙනෙක්' නිවස ඉදිරිපිට කළ වැඩේ 




නාරාහේන්පිට හීං ඇල ප්‍රදේශයේ පිහිටි හිටපු යුධ හමුදාපති හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නිවස ආසන්නයේ සැකකටයුතු ලෙස ඡායාරූප ලබා ගනිමින් සිටි දෙදෙනෙකු නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ලිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ (13)  ඒ අසල පිහිටි දේවස්ථානයක් වෙත පැමිණ යමින් සිටි  මොවුන් දෙදෙනා මෙලෙස ඡායාරූප ගෙන ඇති අතර මෙම සිදුවීම වන අවස්ථාවේදී හිටපු හමුදාපතිවරයා  නිවසේ සිට ඇති බව පොලිසිය සිදුකරන ලද පරික්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන්  නාවල ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක සේවය කරන අයවලුන් බවට වැඩිදුරටත් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.