Wednesday, September 25, 2024

General line - 0115112241

හෙට සිට ක්‍රියාත්මක ප්‍රමුඛාතා මංතීරුව ගැන "බස්" තාමත් අවුලෙන්




හෙට (15) දිනයේ සිට ක්‍රියාත්මක වන ප්‍රමුඛතා මංතීරු ක්‍රමය සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් පවතින බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඒ සම්බන්ධයෙන් බස් හිමියන් නිසි ලෙස දැනුවත් වී නොමැති බවයි.

මීට පෙර මෙන් නොව මෙවර හෝ මෙම ක්‍රමය යළි අතරමග නතර නොවන ලෙස ආරම්භ කිරීම බලධාරීන්ගේ වගකීමක් බවයි ඔහු සඳහන් කළේ.

හෙට උදෑසන 6.00 සිට 9.00 දක්වා මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වනවා.

පෞද්ගලික හා ලංගම බස් රථවලට අමතරව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථවලට ද මෙම ප්‍රමුඛතා මංතීරුවල ගමන් කළ හැකියි.