Wednesday, September 25, 2024

General line - 0115112241

අර්ජුන්ගේ සන්නිවේදන උපකරණවලට කොමිසම කළ දේ 




බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරියා වෙත සිය සන්නිවේදන උපකරණ භාර දෙන ලෙසට අර්ජුන් මහේන්ද්‍රන්ට සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේනට බැඳුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසම නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

උපකරණවල දත්ත ලබා ගැනීමෙන් පසු මුද්‍රා තබා සාක්ෂි විභාගය අවසන් වන තෙක් කොමිසමේ ලේකම්වරයා භාරයට ගන්නා බවයි වාර්තා වන්නේ.