Sunday, May 19, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීගේ ව්‍යාපාරය ගින්නට බිළි වේ -ගින්නට හේතුව තවම රහසක් 




වාද්දුව තල්පිටියේ වාහන අමතර කොටස් විකුණන ව්‍යාපාරික  ගොඩනැගිල්ලක අද (23)  ගින්නක් ඇති වී තිබෙනවා.

අලුයම කාලයේ මෙම ගින්න ඇති වූ අතර පස්මහල් ගොඩනැගිල්ලටම ඉන් හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ගොඩනැගිල්ල පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් එකක් බවයි වාර්තා වන්නේ.

ගින්න ඇතිවන අවස්ථාවේ  ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු එහි සිටි අතර ඔවුන්ට හානි සිදුව නොමැති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.