Friday, September 20, 2024

General line - 0115112241

ගැටුම නිමා කර සුහද වෙයි




ඌව ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා අතර පැවති මත ගැටුම් අවසන් කරමින් ඔවුනොවුන් අද (19) සිය සුහදතාව ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කළා.

ඒ, බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදීයි.

එහිදී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසුවේ අද වේදිකාවේදී දෙදෙනාම දෙදෙනාගේ සේවයන් අගය කරමින් කතා කළ බවයි. ජනතාවට සේවය කිරීමට නම් සහයෝගය තිබිය යුතු බවත් පැවසුවා.

මුල් ගලක් තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා අතර මත ගැටුමක් නිර්මාණය වී තිබුණා.