Friday, September 27, 2024

General line - 0115112241

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අරඹයි




මෙවර පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද (31) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එය ලබන මස 5 වැනිදා තෙක් පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ඇගයීම් මණ්ඩල 384කදී පිළිතුරු පත‍්‍ර ඇගයීම සිදුකරනවා.

ඒ සඳහා ගුරුවරුන් 6965 දෙනෙකු එක්වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

ඉකුත් විසි වැනිදා විභාග මධ්‍යස්ථාන 3014 දී විභාගය පැවැත්වුණා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් ගණන තුන් ලක්‍ෂ පනස් හයදහස් හත්සිය විසි අටක්.