Friday, September 27, 2024

General line - 0115112241

කෝට්ටේ ඓතිහාසික පෙරහැර මංගල්‍ය ඇරඹේ - මහ මග යන ඔබටත් මෙය වැදගත් වේවි 




ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේ 117 වන ඇසල මහා පෙරහැරට සමගාමීව පැවැත්වු ආලෝක පූජාව හා සර්වඥ ධාතු වන්දනාව ඊයේ  (30) සන්ධ්‍යාවේදී  ආරම්භ වුණා. 

ඉන් අනතුරුව කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ පළමු පාවඩ පෙරහැර රාත්‍රී 10.20ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණා.

ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරී පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නායක මාහිමිපාණන්ගේ  අනුශාසනා පරිදි උඩරට පහතරට නැටුම් සහ  අලි ඇතුන් සහිතව කෙරෙන මෙම  පෙරහර පැවැත්වුණා.

පෙරහැරට සමගාමීව පැවැත්වු ආලෝක පූජාව හා සර්වඥ ධාතු වන්දනාව  ආරම්භ කෙරුණේ  ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ ප්‍රධානත්වයෙන්. 


අද වීථි පෙරහැර පැවැත්වෙන අතර හෙට දිනයේ  රන්දෝලි පෙරහැර පැවැත්වෙනවා.

සැප්තැම්බර් 02වන දින ශ්‍රී දළඳා පෙරහැර පවත්වා ඉන් අනතුරුව සැප්තැම්බර් 02වන දින දිය කැපීමෙන් පෙරහැර මංගල්‍ය නිම කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් හෙට හා අනිද්දා  පස්වරු 07.30 ට පසුව පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය සීමා කරන බැවින් එම කාලය තුළ පහත විකල්ප මාර්ගයන් භාවිත කර මාර්ග තදබදය අවම කිරීමට සහාය වන ලෙස මිරිහාන පොලීසිය ඉල්ලා සිටිනවා.

ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානය පුරාණයේ ශ්‍රී වර්ධනපුරවරය කොලොම්තොට ලෙස ද හඳුන්වා ඇති බව සංදේශ කෘතිවල මෙන්ම රාජාවලිය, බුත්සරණ, අමාවතුර ආදී කෝට්‌ටේ යුගයේ බිහි වුණු සාහිත්‍ය කෘති පුරාවට ම දකින්නට ලැබෙනවා.