Friday, September 27, 2024

General line - 0115112241

තව පැය කිහිපයකින් පානදුර - රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ධාවන බාධාව ඉවතට




තෙල් බවුසරය පෙරලී ඇති අවධානම් තත්වය හේතුවෙන් එය සාමාන්‍ය පරිදි ඉවත් කළහොත් විශාල තෙල් ප්‍රමාණයක් පරිසරයට එකතුවන බැවින් ඒ සඳහා පළපුරුදු කණ්ඩායමක් මේ වනවිට එම ස්ථානයට පිටත්කොට ඇතැයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න පවසනවා. පැය කිහිපයක් ඇතුළත එම බවුසරය මාර්ගයෙන් ඉවත්කරගත හැකිවනු ඇති බවද ඔහු පවසනවා.

මේවනවිට හොරණ නගර සභාවේ ගිනි නිවන රථද එම ස්ථානයට කැඳවා ඇතැයිද ඔහු පැවසුවා.

 

-----------------------------------------------

පානදුර - රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට තවදුරටත් බාධා

පානදුර - රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ කිරිඇල්ල මඩව ප‍්‍රදේශයේ දී පෙරළීගිය ඉන්ධන බවුසරය තවමත් එම ස්ථානයෙන් ඉවත් කර නැහැ. පොලිසිය පැවසුවේ එම බවුසරය ඉවත් කිරීම සඳහා ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් පැමිණිය යුතු බවයි.

මේ අනුව කිරිඇල්ල මඩව ප‍්‍රදේශයේ වාහන ධාවනට තවදුරටත් බාධා පවතිනවා. අවහිරතා මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.