Friday, September 27, 2024

General line - 0115112241

රටපුරා බෙදන්න ගෙනා ගබ්සා පෙති 15,000ක් සහ මත් පෙති 24000ක් අල්ලයි!




නීති විරෝධි මත්පෙති සහ ගබ්සාපෙති ජාවාරමක් වනාතවිල්ලූව ප‍්‍රදේශයෙන් හෙළි වී තිබෙනවා. ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමක දී නීති විරෝධි මත්පෙති 24,700ක් සහ ගබ්සා පෙති 15,000ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙම මත්පෙති සහ ගබ්සා පෙති තොගය බෝට්ටුවකින් රැගෙනවිත් ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේ ඒවා වෑන් රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබුණා. සැකකරුවන් තුන් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එම සැකකරුවන් පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.