Friday, September 27, 2024

General line - 0115112241

අද සිට ජාතික හැඳුනුම්පත වෙනස් වෙයි!




ජාතික හැඳුනුම්පතෙහි සැකැස්ම අද සිට වෙනස් වනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ යෝජිත ස්මාර්ට් ජාතික හැඳුනුම්පත හඳුන්වා දීමට පෙරහුරුවක් ලෙස මෙම වෙනස සිදු කරන බවයි. මේ, එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක.

අද සිට නව හැඳුනුම්පත් ඉල්ලුම් කරන පුද්ගලයින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයක් තම අයදුම්පත සමගින් ඉදිරිපත් කළ යුතු වනවා. අදාළ ඡායාරූප  ගැනීම සඳහා දිවයිනේ ඡායරූප ශාලා 1700ක් ලියාපදිංචි කර ඇති බවද ඔහු පවසනවා.

ලියාපදිංචි ඡායාරූපශාලා මොනවාදැයි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඇතැයිද ඊට අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ද එම තොරතුරු ඇතුළත් කර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඊට අමතරව අදාළ ඡායාරූප ශාලා සඳහා සිය මුද්‍රාව සහිතව ලියාපදිංචි සහිතයක්ද නිකුත් කර තිබෙන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක වැඩිදුරටත් කියා සිටියේ.