Friday, September 27, 2024

General line - 0115112241

මහ පාරේ මිනිසුන්ගේ “පොකැට්ටුවට” ගහන අළුත්ම ක්‍රමය මෙන්න

හේමන්ත කහවලගේ




අන්‍යයන් අපහසුතාවට පත්වන පරිදි මුදල් ඉල්ලා සිටින නව ක්‍රමයක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු අනාවරණය වුණා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කරුණු විමසීමක දී අනාවරණය වුණේ විවිධ ප්‍රදේශවල සිට වාහනවලින් පැමිණෙන පිරිස් එම වාහනවලට ඉන්ධන ලබා ගැනීමට යැයි පවසා මුදල් ඉල්ලා සිටින බවයි.

කොළඹ සහ අවට ප්‍රදේශවල මෙවැනි සිද්ධින් වැඩි වශයෙන්  වාර්තා වන වන බවයි අනාවරණ වුණේ.

මේ, එවැනි අත්දැකීමකට මුහුණදුන් රියදුරෙක්.

බස් රථයේ යාමට මුදල් නොමැති බව පවසමින් හෝ තම මුදල් පසුම්බිය අස්ථානගත වී සොරගෙන ඇතැයි පවසමින් මුදල් ඉල්ලා සිටින්නන් පිළිබඳව ද රටපුරා විවිධ ප්‍රදේශවලින් මීට පෙර වාර්තා වුණා.

ඔබ ද මෙවැනි අත්දැකීමකට මුහුණ දී ඇත්නම් ඒ පිළිබව අපට දැනුම් දිය හැකියාව තිබෙනවා.

එම අත්දැකීම් 077 902 18 24 අංකයට වයිබර් කරන්න.

ඔබේ අත්දැකීම ඔබේ හඩින්ම පටිගත කර අප වෙත එවීමට ද ඔබට හැකියාව තිඛෙනවා.