Friday, September 27, 2024

General line - 0115112241

ඡන්දය දෙසැම්බර් 09 පුළුවන්! ඒත් පනත් තුනක් නිසා ගැටළුවක්!




පළාත් පාලන මැතිවරණය එළඹෙන දෙසැම්බර් මස 09 වනදා පැවැත්වීමට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. කෙසේ වෙතත් මැතිවරණයට දින නියම කිරීමට පෙර විසඳාගත යුතු තවත් ප‍්‍රශ්න කිහිපයක් පවතින බවයි එහි සභාපති මහිින්ද දේශප‍්‍රිය පෙන්වා දුන්නේ.

මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප‍්‍රාදේශීය සභා ආඥා පනත උචිත පරිදි සංශෝධනය කිරීම ද ඒ යටතේ සිදු විය යුතු බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ඊට බාධා නොවන ලෙස මැතිවරණය පැවැත්විය හැකිදැයි විභාග දෙපාර්තමේන්තුව සමග ද සාකච්ඡා කිරීමට සිදු වන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

මේ අතර මහනගර සභා ආඥා පනත , නගර සභා ආඥා පනත හා ප‍්‍රාදේශීය සභා ආඥා පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කෙටුම්පත් කිරීම මේ වනිවිට සිදුවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා. එම කටයුතු අවසන් කර කෙටුම්පත් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි එහි ලේකම් කමල් පද්මසිරි කියා සිටියේ. අනතුරුව ඒවා ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද, එළඹෙන දෙසැම්බර් මාසයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වන පරිදි ඒවා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.