Friday, September 27, 2024

General line - 0115112241

පෙරළුණු බවුසරයේ තෙල් කළු ගඟට! හොරණ මොරටුව පානදුර ජලසම්පාදනයට බාධා




පානදුර - රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ කිරිඇල්ල මඩව ප‍්‍රදේශයේ දී පෙරළීගිය ඉන්ධන බවුසරයේ තිබූ ඉන්ධන කළු ගඟට මිශ‍්‍ර වී තිබෙනවා. මේ නිසා පවිත‍්‍ර කර බෙදා හැරීම සඳහා කළු ගෙඟන් හොරණ කඳන ජල පවිත‍්‍රාගාරයට ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කර ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හොරණ කඳන ජල පවිත‍්‍රාගාරයේ කළමනාකරු ආර් වී ටී විජේරත්න පැවසුවේ.

හොරණ කඳන ජල පවිත‍්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කර ඇති නිසා ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා සිදුවිය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.  හොරණ, රයිගම, බණ්ඩාරගම, වැල්මිල්ල, මඩපාත, කැස්බෑව, බොරලැස්ගමුව, කටුබැද්ද, පානදුර, මොරටුව ප්‍රදේශවල පාරිභෝගිකයින් මින් අපහසුතාවයට පත්වනවා.

කළු ගඟට මිශ‍්‍ර වී ඇති ඉන්ධන තට්ටුව පහළට ගලා යාමෙන් පසු හොරණ කඟන ජල පවිත‍්‍රාගාරයේ කටයුතු නැවත ආරම්භ කරන බවද එහි කළමනාකාරවරයා පැවසුවා.