Friday, September 27, 2024

General line - 0115112241

ලන්ච් ෂීට් විතරක් නෙවෙයි තව ගොඩක් දේ තහනම්! පොලිතින් තහනම් කළ ගැසට් නිවේදනය මෙන්න




මයික්‍රෝන 20ට අඩු පොලිතීන් භාවිතය සහ ඒ ආශ‍්‍රිත භාණ්ඩ නිපදවීම හා අලෙවි කිරීම තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඒ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින්.


ඒ අනුව අද (01) සිට දේශීය භාවිතය සඳහා ප‍්‍රසාරික පොලිස්ටයරින් යොදා ගනිමින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප හා හැඳ නිපදවීමද තහනම් වනු ඇති. එමෙන්ම එම ද්‍රව්‍ය අලෙවිය, අලෙවිය සඳහා ප‍්‍රදර්ශනය කිරීම, නොමිලේ ලබාදීම හෝ භාවිතය ද තහනම් වන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.